දේශපාලන

ආයතන 211 ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

මේ වනවිට පළාත් පාලන ආයතන 211 ක බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ.බහුතර බලය හිමි නොවූ ආයතනවල මංගල සභාවාර පැවැත්වීම මේ දිනවල සිදුවන අතර එහිදී බලය ලබා ගැනීමට ප්‍රධාන පක්‍ෂ විශාල උත්සාහයක නිරතව සිටී.

පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලය සහිතව ජයග්‍රහණය කළ ආයතන 173 කින් 155 ක බලය මුලින්ම පොදුජන පෙරමුණට හිමිව තිබුණි.

කිසිදු දේශපාලන පක්‍ෂයකට බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතන 167 කින් මෙතෙක්‌ මංගල සභාවාර පවත්වා ඡන්ද විමසීම් සිදු කළ ආයතනවලින් 56 ක බලය ලබා ගැනීමටද එම පෙරමුණ සමත්ව ඇත.

මේ අතර මැතිවරණයේදී පොදුජන පෙරමුණ පරාජයට පත්ව එක්‌සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කළ ගාල්ල, මීගමුව, බදුල්ල, දෙහිවල, ගල්කිස්‌ස, මහ නගර සභා ඇතුළු ආයතන කිහිපයකද බලය තහවුරු කර ගැනීමට පොදුජන පෙරමුණට හැකිව තිබේ.

බහුතර බලය හිමි නොවූ ආයතනවල මංගල සභාවාර පැවැත්වීම ලබන 18 වැනිදායින් අවසන් වන අතර ඉදිරි දිනවලදී එලෙස රැස්‌වෙන ආයතනවලින්ද වැඩි ප්‍රමාණයක බලය පොදුජන පෙරමුණට හිමිවනු ඇති බව එම පක්‍ෂය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *