දේශපාලන

යුද විරුවන් විදේශයකදී අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්‌

හිටපු හමුදාපති ජගත් ජයසූරිය, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු වන්නි මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් 25 ක්‌ විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමේ රහස්‌ සැලසුමක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දියත් කර ඇත.

ජාත්‍යන්තර අධිකරණ නීතිය යටතේ මෙම හමුදා නිලධාරීන් අල්ලා ගැනීම මානව හිමිකම් කවුන්සිලයේ අරමුණ වී තිබේ.

මෙම හමුදා නිලධාරීන්ගේ නම් මානව හිමිකම් කවුන්සිලය විසින් ජාත්‍යන්තර අධිකරණ නීතියට එකඟ රටවල්වලට යවා ඇත.

මේ වනවිට හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ නීතිය යටතේ නඩු තුනක්‌ ගොනුකර ඇති බව අනාවරණය වී තිබේ.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලයට සහය වී ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ විදේශ ගමන් ගැන දැඩි නිරීක්‍ෂණයක යෙදී සිටින බව හෙළි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *