ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා යෝජනාවක් මේවන විට මධ්‍යම කාරක සභාව වෙත මේ වන විටත් යොමුකර ඇති අතර ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? යන තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මීළඟ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බව හිටපු ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය විදේශ සංචාරය නිමකර පැමිණි පසු මධ්‍යම කාරක සභා රැස්වීම පවැතිවීමට නියමිතයි.
