දේශපාලන

කොටි සැමරුමට උතුර සැරසෙයි , ඩයස්පෝරාවෙන් සල්ලි

කොටි සැමරුමට උතුර සැරසෙයි , ඩයස්පෝරාවෙන් සල්ලි වැස්සක් සමගින් බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ස්‌විස්‌ටර්ලන්තය වැනි රටවල කොටි ඩයස්‌පෝරාවෙන් උතුරේ කොටි හිතවාදී සංවිධානවලට විශාල ලෙස මෙම මුදල් ලැබී ඇත.

මැයි 19 දාට යෙදෙන මෙම සැමරුමේදී මුල්ලිවයික්‌කාල් සහ කොටි සොහොන් භූමිවල ද උත්සවාකාරයෙන් ප්‍රදර්ශන පැවැත්වීමට ද දැනටමත් සැලසුම් කර තිබේ.උතුරේ ආරංචි මාර්ග පැවසුවේ කොටි සමරුවට ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් රැසක්‌ සංචාරකයන් සේ යාපනයට පැමිණෙන බවයි.

ස්‌විස්‌ ආරංචි මාර්ග පළ කළේ මැයි 15 දා සිට 25 දා දක්‌වා කාලය සඳහා ස්‌විස්‌ ඊළාම්වාදීන් රැසක්‌ ජිනීවා සහ සුරිච් නගරවල ගුවන් සේවා කාර්යාලවලින් ශ්‍රී ලංකාවට ගුවන් ප්‍රවේශපත් ලබාගෙන තිබෙන බව වාර්තා වූ බවයි.මෙයට සමගාමීව කැනඩාවේ ටොරොන්ටෝ සිට ද ඊළාම්වාදීන් පිරිසක්‌ මෙරටට පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *