ගොසිප් දේශපාලන

දිවිපිදූ රණවිරුවන් සැමරීමට ගෝඨා සමග ත්‍රිවිධ හමුදා සෙම්පතීන් පෙරට

ශ්‍රී ලංකා මාතෘ භූමිය ලෙයින් තෙත්කල ඒ රුදුරුතම දශක තුනක යුගය නිමා කරමින් සාමය අත්පත් කරගත් 9 වන සංවත්සරය මේ මස 19 දාට යෙදී තිබෙනවා.

තස්ත්‍රවාදය පරාජය කිරීමේ සටනේදී 26000 ආසන්න රණවිරුවන් පිරිසක් ජීවිත පූජාකරමින්ද, 50,000 අධික ප්‍රමාණයක්ද තුවාල ලබමින්ද විශාල වූ කැපකිරීමක් රට වෙනුවෙන් සිදුකර තිබුනා. මෙලෙසින් ජීවිත පූජාකලාවූද , තුවාල ලබුවාවූද විරුවන් සිහිපත් කරමින් උතුම් ආලෝක පූජාවක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර අවසන්. ඒ විජයග්‍රාහී සතිය මුලුල්ලේම එනම් මැයි මස 13 දින සිට 19 වන දින දක්වා හෝකාන්දර දක්ශිනාරාමයේදී මේ උතුම් පුන්‍යකර්මය කිරීමට නියමිතයි. ඒ අවසන් සටන මෙහෙය වූ සෙම්පතීන්ගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා නෙත් එෆ් එම් මාධ්‍ය අනුග්‍රහය දැක්වීමට නියමිතයි.

පූජාව අවසන් කිරීමේ සාන්වත්සරික දිනයේදී හිටපු ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ශ මහතා සහභාගි වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *